පරව ගිය මගේ ආලේ...
මගේ දෑගිලි පැටළු අත් වල වෙනත් දෑගිලි පැටලිලා
මගේ සුසුමෙන් සැනසු හද අද වෙනත් සුසුමක යාවෙලා
මගේ ලෝකයෙ සිටිය රජු අද වෙනත් ලෝකෙක රජු වෙලා
මගේ ආලෙන් සතුටු කළ ඔබ වෙනත් ආලෙක මැදිවෙලා
බලා ඉන්නම් දුර සිදන් මම ඔබේ රුව දෙස මත් වෙලා
ඔබ ඒවි යැයි කියන මගේ සිත මටම දැන් වදයක් වෙලා
හදේ ගැස්මේ තාලයට මම ගයන්නම් ඔබේ ගුණ වලා
ඔබේ ආලෙන් පිරුණු මගේ හද ඔබ නැතිව අද තනි වෙලා
අනේ සත්තයි තවත් හිනැහෙමි එදා ඔබ හමු ඔවුනි නම්
අනේ සත්තයි තවත් නොහඩමි මගෙ ලොව ඔබ නොව්නි නම්
අනේ සත්තයි තවත් නොපතමි ආල කෙරුමට වෙනත් නම්
අනේ සත්තයි තවත් සැරයක් එන්නකෝ මගේ රත්තරම්
ගැහෙන පණ නළ රැකි අත්තේ ඔබ නමින්මයි ඇත්තමයි
ඔබ රැගෙන ගිය මගේ හදවත මට ඕනේ නෑ ඇත්තමයි
මගේ ආදරේ ඔබට ඇත්තේ කියන්නේ මේ ඇත්තමයි
කරන්ම් ආ..දරේ ඔබ හට පණ තියෙන තුරු ඇත්තමයි
ඔබ නමින් මගේ ගැහෙන හදවත වෙන කෙනෙක් වෙත දෙන්නේ නෑමයි
ඔබ නමින් බැදි මගෙ දිවි කද වෙන කෙනෙක් වෙත දෙන්නේ නෑමයි
ඔබ නමින් දුන් මගේ ආලේ වෙන කෙනෙක් වෙත දෙන්නේ නෑමයි
ඔබ නමට ලියූ මගේ හදවත වෙන කෙනෙක් වෙත දෙන්නේ නෑමයි
එපා මට වෙන ලොවක් කිසිදා මගේ ආ..ලේ පුදන්ට
එපා මට වෙන අයෙක් කිසිදා මගේ ලෝකය තනන්ට
එපා මට ආ..දරේ කිසිදා මේ වගේ දුක් විදින්ට...
එපා මට මගේ හද ගැස්ම අද සොහොන් වී ලෙස සිටින්ට...
0 comments:
Post a Comment