Must Read

Wednesday, April 20, 2016

බැදපු බිත්තර වෑoජන

බිත්තර නම් එක එක විදියට හදාගන්න පුළුවන්.. බැදලා තම්බලා විතරක් නෙමේ වෑන්ජනයක් ආකාරයට උනත් හදාගන්න හරිම ලේසියි. කෑම උයන්න දන් නැති කෙනෙක් වුනත් බිත්තරයක් බැදගන්න තම්බගන්න නම් දන්නවා.. අවුරුදු කාලෙනේ තාම.. කෑම මෙසේටත් බිත්තර කියන්නේ නොවරදින ආහාරයක්.මේ කියන්න යන්නේ බිත්තර වෑන්ජනයක් හදාගන්න ආකාරය ගැන.. මේක මස් මාළු නොකන නමුත් බිත්තර ආහාරයට ගන්න අයටත් මස් මාළු වෙනුවට හොද ආදේශනයක්.. මෙන්න මේවා තමා උවමනා කරන්නේ..

බිත්තර (අවශ්‍ය ප්‍රමාණයට.. 5 දෙනෙක් ඉන්න පවුලක් නම් බිත්තර 5ක් ආදී වශයෙන්)
ලොකු ලූණු ගෙඩි 1ක්
සුදු ලූණු බික් හතරක් හෝ පහක්
අමු මිරිස් කරල් දෙකක්
රම්පෙ
කරපිංචා
කුරුදු පොතු
තක්කාලි ගෙඩියක්
මිරිස් කුඩු තේ හැදි දෙකක්
තුනපහ කුඩු තේ හැදි එකක්
ගම්මිරිස් තේ හැදි කාලක් පමණ
උළුහාල් තේ හැදි එකක්
පොල්තෙල්
උකු පොල් කිරි අඩු කෝප්ප 1ක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට

මුලින්ම තම්බාගත්ත බිත්තර ටිකේ කටු ඉවත් කරගන්න ඕනේ. මොකද ඉතින් කටුත් එක්ක බිත්තර කන්න බෑනේ. ඊට පස්සේ ගෑරුප්පුවක් අරගෙන බිත්තරය වටේටම හිල් විදගන්න ඕනේ. හැබැයි මෙතැනදී බිත්තරේට ඩැමේජ් වෙන්න නම් බෑ. එහෙම හිල් විදින්නේ බිත්තරේ බදිනකොට පුපුරන්නේ නැති වෙන්න.
ඊට පස්සේ මේ බිත්තර ටික ගැබුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ පෑන් එකක් ලිපෙන් තියලා එයට තෙල් ටිකක් දාගෙන මේ තෙල් ටික රත් වේගෙන එනකොට ඒකට අර කලින් ගත්ත සුදුළුනු ටික තලාගෙන එකතු කරගන්න ඕනේ.එකටම අමුමිරිස් ළුණු කරපිංචා රම්පෙ කුරුදු පොතු එකතු කරගෙන මේ ටික හොදින් බැදගන්න ඕනේ. මේ ටික බැදීගෙන එද්දී එයටම තුනපහ මිරිස් කුඩු ලුණු ටික එකතු කරගන්න ඕනේ.ඊට පස්සේ ඒකටම පොල් කිරි එකතු කරගන්නත් ඕනේ. ඔන්න දැන් වෑන්ජනය උකු වේගෙන එද්දී එකට තක්කාලි ටිකත් එකතු කරගන්න ඕනේ.එත් එක්කම බිත්තර ටිකත් එයටම දමා වෑන්ජනය ලිපෙන් බා ගන්න පුළුවන්.
කහ බත් එක්ක ප්‍රයිඩ් රයිස් එක්ක වගේම නිකන් වැංජන එක්ක වුනත් මේ බිත්තර වැන්ජනය හරිම රසවත්..


0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved