Must Read

Thursday, April 14, 2016

ජාතිය රැකගමු..


අවුරුදුත් ඇවිත් ගියා. පරිසරයෙත් මේ පාර නම් අවුරුදු කුමාරයට හිතුවා තරම් පිළිගැනීමක් නැති ගානයි.. පරිසරය කොහොම වෙතත් ලංකාවේ ටෙලෙවිෂන් නාලිකා ටිකනම් අවුරුදු කුමාරයාව ජයටම පිළිගත්තා කියලා ටෙලෙවිෂන් එකෙන් වැඩ අල්ලපු සියලු දෙනාටම පෙනුන දෙයක්. ඔහොම ඔහොම ආවට වඩා ඉක්මනට අවුරුදු ගියා. හැබැයි අපි පුන්චි කාළයට වඩා දැන් අවුරුද්ද වානිජකරණයට ලක් වෙලා කියලා නම් මට හිතුනා. එක් එක් නාළිකා වල අවුරුදු වෙනුවෙන් හිතාගන්නවත් බැරි තරම් වියදම් කරලා තිබුනා. ඇදුම් වලට එහෙම නම් මන් හිතන්නේ ෆිල්ම් එකකටත් වඩා වියදම් කරන්න ඇති. ඒ වගේ ලොකූ වියදමක් දරන්න කොහොම උනත් ඒ වගෙ තුන් හතර ගුණයක්වත් හම්බ කරගන්නත් ඇති. ටෙලෙවිශන් එක ඉස්සරහ අවුරුදු සමරද්දි ගෙදර අවුරුදු චාරිත්‍ර ටිකත් අමතක වුන අයත් ඕනේ තරම් ඇති. පුන්චි ලමයි අවුරුදු ක්‍රීඩා දකින්නේ ටෙලෙවිශන් එකෙන්. ඒ වගේම ඒවයේ පොඩි උන් නෙමෙ ක්‍රීඩා කරන්නේ.. එක නාළිකාවක මැති ඇමතිවරු  තවත් එකක නළු නිළියෝ... ඉතින් ඔය දෙගොල්ලෝ නාළිකා දහයක් තියනවා නම් ඔය දහයෙම ජයටම අවුරුදු සමරනවා. ඔය කට්ටිය අවුරුදු සමරන දිහා අපේ පොඩි උන් ටික අම්මලා තාත්තාලත් එක්ක කටත් ඇරන් බලන් ඉන්නවා. ඇත්තට මොකක්ද තේරුම.. ඉස්සරනම් කට්ටියම එකතු වෙලා අවුරුදු උත්සවේකට ගිහින්  ක්‍රීඩා කරනවා. සතුටු වෙනවා. කොයි තරම් අවුරුද්ද වානිජකරණයට ලක් වෙලාද කියනවා නම් අපේ ගමේ නම් මේ පාර අවුරුදු උතසවක්වත් නෑ. වෙසක් පොසන් ඒවත් ඔය විදියටම වානිජකරණය වෙලා. ඉතින් අපේ ජාතිය ඉතිරි වෙයිද.. ඉස්සරහට අවුරුද්දේ චාරිත්‍ර ටිකත් ටී.වී එකෙන්ම විතරක් අපිට බලන්න පුලුවන් වෙයි. ඒක තමා වෙන්නෙ මේවා වෙනස් උනේ නැත්නම්.. ඒත් බලන්න දෙමල මුස්ලිම් උත්සව මේ තරම් වානිජකරණයට ලක්වෙලා තියනවාද කියලා.. නෑ. ඇත්තටම සින්හලයා මෝඩයි.. ගොනාට අන්දන එක හරි ලේසියි. අපේ වුන් කරන්නේ ටී වී වල පෙන්නන එක කට ඇරන් බලන් ඉන්න එක. දුක තියෙන්නේ සින්හල ජාතිය විනාශ කරන්නේ අපේ සින්හල අයම වෙන එක. එකමුතුකමක් නෑ. ජාතී ආලයක් නෑ. අපි ජාතිය ගැන කියෙව්වොත් අපේම වුන් කියනවා අපි ජාතිද්‍රෝහියෝලූ. ඒ වුනාට යුද්දේ කාළේ විජේලා වගේ ඉන්දීය නලුවෝ අපිට විරුද්දව පාරට බැස්සාම අපේම උන් අපිට කිව්වේ ඒ එගොල්ලන්ගේ ජාතී ආලේ කියලා.. ඇත්තට දෙමළවත් මුස්ලිම්වත් සහෝදර සහෝදරියන් නෙමේ අපේ ජාතිය විනාශ කරන්නේ අපේම අයමයි.. අවුරුද්දටම එක පාරයි අපිට සින්හලයි කියලා උත්සවයක් එන්නේ. වෙසක් පොසොන් කියන්නේ ආගමික උත්සවනේ..ඒ එන එකම උත්සවයේදිවත් නොනගතේදි නොකා ඉන්නේ කවුද.. ඒ පැය ගාණ නොකා ඉන්න ඉවසීමක් නැති සින්හල අපි කොහොමද එක ජාතියක් විදියට අපේ ජාතිය රැක ගන්නේ.. අවුරුදු චාරිත්‍ර අපි කීයෙන් කී දෙනාද හරියටම සම්පූර්ණ කරන්නේ.  අපි හරියටම කරන්නෙ ලිප ගිනි මෙලවීමයි ආහාර අනුභවයයි විතරනේ.. අවුරුද්දක් කියලා දේකුත් ඉදිරියට නැතිවෙලා යයි මෙහෙම ගියොත්.. ටෙලෙවිශන් නාළිකාත් අපේ දේ රැකගන්න උත්සහ දරනවා වෙනුවට නලු නිලියන් ටිකක් අඩ නිරුවතින් නටවලා සල්ලි හම්බ කරගන්න එකනේ කරන්නේ. ඉතින් අපේ දේ රැකෙයිද... තව ටිකක් විනාශ වෙලා යන එකම නේද වෙන්නේ... අපි හැදෙන්න ඕනේ.අපි අපේ දේ රැකගන්න ඕනේ. හම්බයා තම්බියා දෙමළා කියලා තව කෙනෙක්ට ඇගිල්ල දික් කරලා අපේ ජාතිය රැක ගන්නවාට වඩා ඇත්තටම අපේ සින්හල ජාතිය රැක ගන්න ඕනේනම් අපි හැදිලා ඉන්න ඕනේ.හැම කෙනෙක්ටම අතට ලැබෙන මුදලට වඩා ජාතිය ගැන කැක්කුමක් තියෙන්න ඕනේ. සල්ලි තියන උන් නැති එකාව පාගලා දාන් නැතිව වූ ගැනත් බලන්න ඕනේ. නැගිටින්න හදන කෙනාට නැගිටින්න උදව් කරන්න ඕනේ. අපි අපි අතර ඉරිසියාකම් කුහකකම් අතඇරලා දාලා හැමෝම එකතු වෙන්න ඕනේ.පොඩි අයට අපේ ජාතියේ වටිනාකම කියලා දෙන්න ඕනේ.. බැරි එකාට හිනාවෙන්නේ නැතිව ඌටත් බැරි දේ කියල දෙන්න ඕනේ. කන්න දීපු අත හපාකන්නේ නැතිව කළහි ගුණ පෙන්නන්න ඕනේ.. අනිත් එකාගේ ඔලුවට අත හෝදන්න බලන් ඉන් නැතුව එකමුතු වෙන්න ඕනේ..අපි හැදුනා නම් නිකන්ම අපේ සින්හල ජාතිය රැකෙයි.... මේ අවුරුද්දෙ පොඩ්ඩක් වෙනස් වෙමූ අපේ ජාතිය රැකගන්න අපි වෙනස් වෙලා ඉමු...

කිසිම ආගමකට හෝ ජාතියකට අපහාස කිරිම සදහා ලියුවක් නොවේ. නොදැන හෝ අපහාස වුනානම් සමාව ඉල්ලා සිටිමි..

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved