දුක් විදින්නන් හා සැප විදින්නන්
මිනිස්සු හැමකෙනාම දුක් විදිනවා. සමහරක් සල්ලි ඇතුව.... සමහරක් සල්ලි නැතුව... කොහොම උනත් අද වෙද්දී මිනිස්සුන්ගේ සතුට මනින ප්‍රදානම සාදකය වෙලා තියෙන්නේ මුදල.......!!! ආදරයෙන් පිරුණු හදවත් අදුරු මාලිගා කරන්නේ මුදල.. සල්ලි ප්‍රශ්න අවාම මොන පවුලේත් අවුල්.. සල්ලි වැඩි උනාමත් අවුල්... සමහර අම්මලා තාත්තාලාට සල්ලි වැඩි උනාම වෙන වෙන දේවලි ඕනේ වෙනවලු,, සමහර තාත්තාලා සල්ලි නැති උනාම බේබද්දෝ වෙනවලු...තාත්තලා ගිනි වතුර බොද්දී අම්මලා දුක බොනවලු.. දරුවෝ සන්තෝසෙන් ඉන්නවාද එතකොට... නෑ...!!! ඔක්කොටම වඩා විදවන්නේ දරුවෝ... ඉගෙගන්න පුළුවන් එවුන්ට ඉගෙනගන්න විදියක් නෑ ... සමහර එවුන් මානසිකව වැටිලා අගටම ... සමහර දරුවෝ ගෙවල් වලින් ඈත වෙලා ... සමහර පුතාලා ගිනි වතුරට පුරුදු වෙලා... සමහර දුවලා අනාගතේ විනාශ කරගෙන.. හැමදේටම මුල මුදල .... සල්ලි නැති උනාම අම්මල රට යනවා.. අම්මා නැති කල අප්පා කවර කල කියල වැඩිහිටියෝ කියන්න ඇත්තේ කටකහනවට නෙමේ ... ඇත්තටම අම්මෙක් නැති ගෙදර දරුවන්ට හරිහමන් රැකවරණයක් නෑ. එක්කෝ ගොඩක් තාතතාලට වගකීම අඩුයි දරුවන්ගේ.. හැබැයි දෙවිවරු වගේ තාත්තලාත් ඉන්නවා.. එත් නුතන ලෝකේ අඩුයි...
සමහර තාත්තලාට තමන්ගේ වුවමනා කම් විතරයි... අම්මලා වුනත් එහෙම ය ඉන්නවා.. එත් බහුතරයක් අම්මලා එහෙම නෑ.. ගෙදරට කෑමක් ගෙනාවාම එකක් මදිනම් අම්ම කියන්නේ මන් ඕවට කැමති නෑ කියලා... ඒ අම්මලා.... දරුවෝ වෙනුවෙන් තමන් කැමැති දේවල් පරිත්‍යාග කරනවා... ඒ හැකියාව තාත්තාලට අඩුයි... හැබැයි හමොටම නෙමේ. බහුතරයකට... අවසානයේදී ගොඩක් දෙමාපියන්ගේ අසිහිය නිසා වේදනා විදින්න්නේ දරුවන්... ඒක නියතයක් වෙලා.... හැබැයි ඒ බහුතරය... සුළුතරය තමන්ගේ මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් කැපකරනවා... දරුවෝ වෙනුවෙන් තම දිවිය කැප කරන සියලුම දෙමාපියන්ගේ අහිංසක බලාපොරොත්තු ඉටු වේවා!!! එයයි අවසන් පැතුම අස්ථීර දිවියක...
0 comments:
Post a Comment