ලග්න පලාපල
මේෂ ලග්න හිමි ඔබේ ගතිගුණ....
කුජ හිමි සටන් කාමී ඌශ්න රාශියක් වූ බැවින් මේශයෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යා හැකි තේජවන්ත අය වේ. වුවමන දේ වුවමනා වෙලාවට කරයි. තමාට වුවමන දේ කෙසේ හෝ ලබා ගනී . කිර්ති ප්‍රශංසා ලැබීමට කැමතිය.ජය හා ප්‍රසිද්දිය ලැබේ. කඩිසරය.කෙනෙක්ට යටත් විමට තරමක් අකමැතිය.සහකරුට, සහකාරියට ඉතාම ලැධිය.කෙලෙහිගුණ දන්නෝ වෙති. බඩගිනි ඉසිලිය නොහැකිය.
වාද විවාද වලට එතරම් සුදුසු නොවේ. විවාදයෙහි එතරම් දක්ෂ නොවුනත් සන්දුවක් මතු කරගෙන හෝ ජයගන්නට සිතයි. තීක්ෂණ නුවනක් තිබේ. සටනට නොකපිලිය.බය නැත.සුළු දේට කැමති නැත.විශාල වියපාර වලට යෝග්‍ය වේ.උසස් සිතුවිලි සහිතය.ස්ථිර අදහස් ඇත.
දුරවලකමක් වන්නේ ඉවසිම තරමක් අඩු වීමයි. සමාදානයට එතරම් ගරු නොකරයි.සුළු දේ කිරීමට අකමැති වීමය...
..........................
වෘශ්භ ලග්න හිමි ඔබගේ ගතිගුණ...
සිකුරු හිමි වෘශ්භයේ උපන් අය කෞතුක දේ වලට ආශා කරයි. පහසුවෙන් ජිවත් වීමට සිතයි. නොනැමෙන හිතක් ඇත. හිතේ තබාගෙන සිටි. තරහ විමත් හොද වීමත් සෙමිනි. තරමක් ගුප්තය. ඉතා සුළු දේ පවා හිතේ තබාගෙන උවමනා වෙලාවට කතා කරයි. ස්ථිර ජය ලැබෙන තුරු සටන අත් නොහරී. මිල මුදල් හා තමාගේ දේ ගැන සුපරික්ශාකාරිය.ඇදුම් පැළදුම් වලට වියදම් කිරීමට මැලි නොවේ. භූමියට හිත වේ.වැවීමට හොදය. අන් අය වෙනුවෙන් වියදම් කිරීමට තරමක් මැලිය . තරමක් ලෝභ සිතුවිලි වේ. මුදල් ගනුදෙනු වලදී පරිස්සම් සහිතය. කඩිසර කම තරමක් අඩුයි. නමුත් ආරම්භ කල දේ අවසානය දක්වා කරගෙන යයි. විරුද්ධ කාරයා ඉදිරියේ කිසිවිටකත් නොනමේ. පරිසරයට ලැදිය . කතාවට දක්ෂය.කරුණු ඇතුව කතා කරයි. තමාගේ අදහස මතම හිඳි . තමා දන්නා කෙනෙක් යයි සිතයි. සිතුවිලි ලෞකික පැත්තට නැබුරුය.
දුර්වලකම් වන්නේ.. තරමක් ලොබ කමත් සැප පහසුවට ඕනෙවට වඩා කැමැත්ත හා ජය ගැනීමට ඇති අදික ආශාවත්ය.මේ නිසා සතුරෝ ඇති වීමත් ඇති විය හැකිය.
..........................
මිථුන ලග්න හිමි ඔබගේ ගතිගුණ...
නර රාශියක් වූ මිතුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධව මනා අවබෝධයක් තිබේ. මානුෂිය ගතිය හා අනුකම්පාව ඇති අය වේ. ඒ ඒ වෙලාවට වුවමනා පරිදි කටයුතු කිරීමේ හැකියාව පවතී .. දක්ෂ නුවනක් තිබේ. කතාවේදී සියල්ල දන්නෙකු මෙන් කතා කරයි. නිතර අදහස් වෙනස් කරයි. මේ නිසා බොහෝ විට පටන් ගන්න දේ අවසානය දක්වා කිරීමට අසමත් වීම හෝ සිතු ලෙස අවසන් කිරීමට අසමත් වේ. බුධ බලවත් නම් දක්ෂ කථිකයෝ වෙති. පරස්පර විරෝධිය. නිතරම වුර්ති දෙකක නියැලෙයි.එකක් කරන විට තව දෙයක් ගැන සිතයි. සමහර අවස්ථා වලදී විරුද්ධ පක්ෂය නිසා ධන හානි ඇතිවේ. ආගමික භකතිය හිමිය. අවිදිලි ප්‍රිය වේ. වැඩෙහි සිටින තුරු ඒ වැඩෙහි දක්ෂයෙකු ලෙස කටයුතු කරයි. මිත්‍රත්වයට ලැදිය . කලින් පුරුද්දක් නැතුව වුවද ඕනෙම දෙයක් කිරීමට පෙලෙබෙයි
දුර්වල කම් වන්නේ පටන් ගන්නා වැඩේ අවසන් නොකිරීමත් අතර මග නැවතා දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරිමත් වේ.
..........................
කටක ලග්න හිමි ඔබගේ ගතිගුණ ...
හිතට අධිපති චන්ද්‍රයා හිමි කටකයෙන් උපන් අය උසස් සිතිවිලි සහිත තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි දක්ෂයෝ වෙති. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස විශ්වාස කර ඊට නැමේ . ක්‍රියා සුර වේ. උදාර අදහස් තිබේ. ඍජු අදහස් තිබේ. සගවන රහස් ඉතාම අඩුය. ධනවත් වීමේ හැකියාව තිබේ. සමහරවිට මහා ධනවන්තයෝ වෙති. අඹු දරු ආදියට ඉතා ලැදිය. නිර්භීත මෙන්ම තරමක් බියද වේ. මිත්‍රයන් ඇති කරගන්නාක් මෙන්ම ඉක්මනින් නැතිවේ. අනුන්ගේ විපතේදී කම්පා වේ. විපතට දුර දීම බිය වේ. තමාට වඩා දුර්වල අය කෙරෙහි හිතවත් වේ. කුඩා දරුවන්ට කුඩා සතුන්ට හිතවත්ය. ප්‍රකට වේ. තරහ කල් නොපවතී. මහා වියාපාර ගැන සිතයි . උස පාත් වන ධනයක් තිබේ. ආගමික උත්සව වලට ප්‍රිය වේ. අවවාධ දීමට අති දක්ෂයෝ වෙති. අන් අයගේ ආරක්ෂාවට අවවාධ දුන්නද තමාගේ ආරක්ෂාව කෙරෙහි එතරම් තැකීමක් නැත. ලෝකෝත්තර අදහස් වේ.
දුර්වල කම් වන්නේ.... අධික අනුකම්පාව හා වහා කිපිමත් ඉවසීම උස පහත් වීමත් වේ.
..........................
සිංහ ලග්න හිමි ඔබගේ ගතිගුණ...
රවී හිමි සින්හයෙහි උපන්නෝ ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආසාව ඇති එඩිතර ගති ඇත්තෝ වෙති . චිත්තදහිර්ය නිසාම විපත් වලින් ගැලවී මිදී මතුවේ. ඕනෑම බර කටයුත්තක් කිරීමට බාර ගනී.මහා බලාපොරොත්තු නිසා සුළු දේවල් හා සුළු වැඩ කරන්නන් නුරුස්සයි . ආ ගිය තැන ප්‍රධානත්වය දරයි. අන්තිම මොහොත දක්වා නොවෙනස් වන හිතකින් යුත්ත නිසා මුලිකත්වය හා ප්‍රසිද්දිය හිමිවේ . සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කරන්නෙකි. ජය ලැබීම අපේක්ෂා කරයි.කෙනෙකුට පළමුවෙන් වැරද්දක් නොකරයි.තරමක් ආඩම්බරයි. තමාගේ අබුදරුවන්ගේ වැරද්දක් වැඩිහිටියෙක් හෝ පෙන්වනවාට එතරක් කැමැත්තක් නොදක්වයි.රාජ පාක්ෂික වේ. ගරු බුහුමන් ලැබේ. තමාගේ අදහසම ක්‍රියාවට නැංවීමට සිතයි.බඩගිනි ඉසිලීමට දක්ෂ වේ.
දුරවලකම් වන්නේ ...
තමාගේ තීන්දුව වෙනස් නොකිරීම හා අන්තිම තීන්දුව තමා අතින් දීමට කැමති වීමත්ය ...
..........................
කන්‍යා ලග්න හිමි ඔබගේ ගතිගුණ .....
බුද්දියට අධිපති බුධගේ උච්ච රාශිය වූ කන්‍යා රාශියෙන් උපන් ඔබ දක්ෂ බුධ්දියක් තිබේ. බොහෝ අනුකම්පා සහගතය . අනුන්ගේ දොස් දකී . ඉතා ප්රවෙස්සම් සහිතය. ආත්ම විශ්වාසය තරමක් අඩුය. කලබල සහිතය. සමහර අවස්ථා වලදී ලියුම් දෙකක් ලියා කවර දෙකකට දැමු විට කොයි ලියුම කොකාට දැමුවද කියා අමතක වෙන තරමට කලබල වේ. යමක් පැවසීමේදී සුළු දේ පවා වඩා විස්තර සහිතව කියයි. නැවත නැවත කියයි. ගේ දොර ක්‍රමානුකුලව තබා ගැනීමට කැමතිය. ලියකියවිලි ප්රවෙස්සම් සහිතව තබයි.වුවමනා නැති සුළු දේට වැඩි කාලයක් ගත කරයි.ලොකු දේ අතපසු කරයි. දීමට ප්‍රිය වේ. රස දේ කෑමට කැමතිය. මිත්‍ර කම් කල් පවත්වා ගැනීම තරමක් අපහසුය. නිරෝගිය. එහෙත් නැති ලෙඩට බිය වේ. වැවීමට සුභය. මුදල් වියදම් කිරීම ප්‍රවේසම් සහිතය. හිතනවට වඩා වැඩ කරන්නෙකි.
දුර්වලකම් වන්නේ...
ආත්ම විශ්වාසය අඩුකම නිසා අනුන් විශ්වාස නොකිරීමත් ඉතා සුළු දේ ගණ වැඩි පුර සේවිමත්ය.
..........................
තුලා ලග්න හිමි ඔබගේ ගතිගුණ...
ඍජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත් සහයෝගයටත් කරුනාවටත් ගරු කරන්නෙකු වේ. සාමදානයට ඉතා කැමතිය.බුද්දිමත්ය. කතා කිරීමේ හැකියාව ඇත. කලින් යමක් දැනෙන ගතියක් තිබේ.තරහ ඉක්මනින් සන්සිදේ. වියාපාර වලට දක්ෂය. සමබරව ගැටළු විසදයි . තමාගේ පුද්ගලික සැප අනුන් වෙනුවෙන් කැප කර තමා දුක් විදීමට වුවද කැමතිය. පරාර්ථයට ගරු කරයි. ස්භාවික දේට ප්‍රිය වේ. උසස් සිතුවිලි වේ. සාමදනයට ගරු කරයි. මෘදුය . ප්‍රිය ගතියෙන් යුක්තය . සමාජයට හිත වේ. ඇවිදීමට ප්‍රියය . ජනසේවයට කැමතිය. අන්න්‍යන්ගේ හොද හිත දිනා ගැනීමට කැමතිය. මනුෂ්‍යත්වයට ගරු කරයි.
දුර්වලකම් වන්නේ...
කෞතුක දේට ආශාවත්., තීන්දුවට නොබසිමත්ය....
..........................
වෘච්චික ලග්න හිමි ඔබගේ ගතිගුණ...
ඉක්මන් කෙනෙකි. නිර්භිතය.රහස් නැත. අවහිරවලට පයින් ගසා ඉදිරියට යයි . සාරවත් හිතක් වේ. බුද්ධිමත්ය. නොයෙක් ක්‍රියාවලට දක්ෂ බව සහජයෙන්ම ලැබේ. වැඩහී දක්ෂය. ඉතා කඩිසරය. ධහිර්ය නැති කර නොගනී. උසස් ආඩම්බර ගති ඇත්තෝ වෙති. ගුණ දොස් විවේචනයට ප්‍රිය වේ. අන්න්‍යන්ගේ ක්‍රියා වල දොස් පෙනේ, ඒවා පිළිබද කතා කිරීමට ගොස් නිරපරාදේ හිත රිදවා ගනී. ක්‍රියාවට දක්ෂය. ඕනෙම දෙයක් දුටු පමණින් කිරීමට හැකිවේ. රැස් කර තබාගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ කරගැනී. සෙවීමට ආශාව තිබේ.කාලය අනුව ගරු සරු කරන සිරිත් අනුගමනය කල නමුත් ක්‍රමානුකුලව කතා කළහොත් ඒවා බිදීමට සමත්ය. තමාගේ කටයුතු ගැන පමණක් සිතා කටයුතු කරයි. ආගිය තැන කැපී පෙනේ. යමක් උඩින් පිළිගන්නා ගතියක් නැත. හොදට අවබෝධ කරගැනීමෙන් පසුව සිතයි. කටයුතු අන්තිම මොහොත දක්වා කල් යවන ගතියක් තිබේ.
දුර්වලකම් වන්නේ.....
තමාගේ අදහස් අනිත් අයට දන ගැනීමට ඉඩහැරීම. වහා කිපිම,.
..........................
ධනු ලග්න හිමි ඔබේ ගතිගුණ...
ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාග වන්ත වේ. කෙලින් වැඩ කරයි. පෘතුල අදහස් ඇත . ක්‍රියාද එසේය. උසස් වීමේ බලොරොත්තු සහිතය. යුක්තිය දිවි මෙන් සලකයි. අයුක්තිය ඉවසිය නොහැකිය. යුක්තිය ඉටු කිරීමට ඉදිරිපත් වේ. ගති ගුණ දෙකකි. වරකට කිසි ගරු සරුවක් නැතිව ඕනෙම දේකට ඉදිරියට පැන කරදර විය හිය දම් දරා වැඩ කරයි. තවත් වරක බොහෝ ඉවසිලි වන්තව සිහි කල්පනාවෙන් සකසුරුවම් කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවෙති. ඕනෙම අලුත් දෙයක් ධනු ලග්න හිමිට අලුත් නැත. බාරගත් දෙය කිරීමට හොද දහිර්යක් තිබේ. යුක්ති ගරුක බව නිසා වැරදි දේ නොකරති. තමාගේ උවමනා වෙන් නඩු හබට නොබසි. හැකි සැම විටම එයින් වැළකේ .යතොත් යන්නේ වෙනත් අයෙකු නිසාය. පටන් ගත දේ අවසන් කිරීමට හැකි දේම බාර ගනී. එසේම දී අවසන් කිරීමට උත්සහ කරයි. දර්ශන න්‍යාය ධර්මය ඉගෙනීමට ආශා කරයි. කරන දේ ලොකුවට කිරීමට සිතයි. නිදහසට ගරු කරයි. අන් අයගෙන් නොරවටිමට ප්‍රවේශම් විය යුතුය. යුක්ති ගරුක බව ධර්මිෂ්ට බව ඔවුන්ගේ උතුම් ගති වේ. වසනා ගතියෙන් හා ප්‍රීතියෙන් පසු වේ. සමහර අවස්ථාවලදී බුද්දියෙන් තොරව වචන පිට කරන අවස්ථාද නැතුවාම නොවේ. වියපාර වලින් ජය ලැබේ. විනිතය. ක්‍රමානුකුලව දියුණු වේ. ගන්න තීරණ සැලසුම් බොහෝ විට සාර්ථක වේ. නිහතමානි චාම් චරිත වේ.
දුර්වලකම් වන්නේ ...
හදිස්සියේ අදහස් වෙනස් කිරීම , හදිසි අනතුරු වලට භාජනය වීම..,
..........................
මකර ලග්න හිමි ඔබේ ගතිගුණ....
ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර මකර ලග්න හිමියන් බලය ලබා ගැනීමේ ආශාවෙන් යුක්ත වේ. සියුම් සිතවිලි අඩු ක්‍රියාත්මක ගති වැඩි අය වේ. තමාගේ වාසිය පිණිස බොහෝ විට ක්‍රියා කරයි. තරමක් ආත්මාර්ථකිය. ඒ වෙනුවෙන් දුර කල්පනා කරයි. ලාභය අතට ගන්නා තුරු එය ලැබෙය යන විශ්වාසයෙන් තොරවේ. කම් කටොලු විදීමේ නොපසුබට උත්සාහය නිසා ජයග්‍රහණය දක්වා ගමන් කරයි. කම්මැලි කමින් නිකරුනේ කාලය ගත කිරීමට තරමක් අකමැතිය. ලෞකික දේට ආශා කරයි. අය වැය බලා කටයුතු කරයි. තරමක් ලෝභී වේ. අන් අයගේ සුළු දේ මහත් කොට සිතයි. පාලනයෙහි දක්ෂ වේ. අන් අයගේ උදව් ඉල්ලීමට අකමැතිය. ජිවිත කාලය තුලදී අදුරු කාල වලටද මුහුණ දීමට සිදු වේ. දිනන්න දිනන්න ඉදිරියට යනවා මෙන්ම පරදින විට ඉදිරියට ඒමට අකමැතිය. මිත්‍රයෝ අඩුය. ධනය රැස් වේ. ලාභයක් ලැබෙන දේ කිරීමට කැමතිය.
දුර්වල කම් වන්නේ..
ඕනෙවට වඩා වෙහෙස වි වැඩ කිරීම හා තරමක් ලෝභ වීමත්ය..
..........................
කුම්භ ලග්න හිමි ඔබගේ ගතිගුණ...
ස්භාවික තත්වයට ගරු කරයි. මනුෂ්‍ය ගති ඇත්තෝ වෙති. ගැබුරු දේ ඉගෙනීමේ දක්ෂයෝ වෙති. අනුන්ගේ චරිත කීමේ හැකියාව පවතී. හොද මිත්‍රයන් ඇසුරු කරයි . නියම මිත්‍රයන් කවුරුන්ද යන වග හදුනා ගනී. කරන දේ සොයා බලා කරයි. නැත්නම් වෙන කෙනෙකු කරනකම් බලා හිඳ ඉගෙන ගනී. ප්රවෙස්සම් සහිතය. ඉවසීම හිතේ එකග කම මොවුන්ගේ ගුණ ධර්ම වේ. සියුම් ක්‍රියාවෙහි දක්ෂයෝ වෙති. අලුත් දේ පිළිගැනීමට තරමක් මැලි වෙයි .ධාරණ ශක්තිය හොදින් තිබේ. රසායන පරීක්ෂණ වලට හොදය. දුර්වල අය වෙනුවෙන් පෙනි සිටි. පිටින් පෙනෙනවාට වඩා ඇතුලින් යහපත් ගතිගුණ තිබෙන කෙනෙක් වේ. අවසාන මොහොතේ ජය ලබයි. තමාගේ පිරිසට තද ඇල්මක් පවතී. සමහරක් අවස්ථා වලදී තපස් ජීවිතය ඇලුම් කරයි. දර්ශන න්‍යාය, ගැබුරු ශාස්ත්‍ර ඉගෙනීමට කැමති වේ. අනුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරයි. දුක් විදින්නන්ට උපකාර කිරීමට කැමතිය.
දුර්වල කම් වන්නේ..
ඉදිරියට පැන යාම තරමක් අඩු විම. කම්මැලි බව..
..........................
මීන ලග්න හිමි ඔබගේ ගතිගුණ...
බාල කාලයේ කඩිසර වේ. උණුවන හිතක් ඇති ඍජු කෙනෙක් වෙයි. අන් අයගේ අදහස් වලට ගරු කරයි.නම්ය්ශිලිය. අමුතු අදහස් වලට හා අලුත් දේට නැමේ . ප්‍රීතියට රස අහාර වලට කැමති වේ. ලෞකික අතින් දියුණුව තරමක් හිමින්ය. ලෝකෝත්තර දේ ගරු කොට සලකයි. කටයුතු දෙකක හෝ වැඩි ගණනක දී සිටීමට දක්ෂය. කරුණාවන්තය. අසරණ අයට උපකාර කිරීමට කැමතිය. හතුරෙකුට වුවද ද්‍රෝහී කම් නොකරයි. විශ්වාස වන්තය.
දුර්වල කම් වන්නේ...
අධික සෙනෙහ නිසා තමාම විනාශ වීමය. ඒ වගේම ඕනාවට වඩා අනුකම්පා කිරීම විශ්වාස කිරීම නොකළ යුතුය.
0 comments:
Post a Comment